Trending Newsඑසැන පුවත්දේශීය

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම පෙර කළ යුතු දේවල් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම කිරීම සඳහා නිෂ්කාශන සහතික ලබාගැනීමේදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

2025 ජනවාරි 01 වැනිදා සිට මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී අවශ්‍යවන නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමට අදාළව,  2023 /2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු අනිවාර්යයයෙන් ගෙවා තිබිය යුතු අතර, 2024/ 2025 තක්සේරු වර්ෂයටද මුල් කාර්තු දෙක සඳහා ද ආදායම් බදු ගෙවා තිබි්‍ය යුතුයි.

එසේම, නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර, වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිමකර තිබිය යුතු බව එහි සඳහන්. බදු ගෙවීමට නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කළ යුතු අතර, අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

சுற்றுலாப் பயணிகளின் எண்ணிக்கை அதிகரிப்பு

Mohamed Dilsad

Ramping up local entrepreneurship at the second John Keells X Open Innovation Challenge 2017

Mohamed Dilsad

ஆர்ஜன்டீனாவுக்கு அதிர்ச்சி கொடுத்த குரோஷியா

Mohamed Dilsad

Leave a Comment