Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සමක් නොවැම්බර් 04 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකාබැලීම නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවනු අවස්ථාවේ එම නියෝගය කෙරිණ,

පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදාට පෙර ගොනු කරන ලෙසත්, විනිසුරුවරයා විසින් වග උත්තරකරුවන්ට නියෝග කළේය. ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 01 වනදාට පෙර ගොනුකරන ලෙසද අධිකරණය දැනුම් දී තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් කියා සිටින්නේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වනදා දක්වා දින නියම කළ බවයි.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා බාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි. නාමයෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වනදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වනදා අවසන් වන අතර සති 07ක කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වාදෙයි.

Related posts

ஆயுதங்களுடன் ஒருவர் கைது

Mohamed Dilsad

மத்திய வங்கியின் முன்னாள் ஆளுனர் இதுவரை நாட்டிற்கு திரும்பவில்லை

Mohamed Dilsad

நிகவெரட்டிய வன்முறை சம்பவம் தொடர்பில் கைதானவர்கள் எதிர்வரும் 24 ஆம் திகதி விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment