Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තාව ලැබුණ විදිය ගැන උදය ගම්මන්පිළ කියයි.

ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා දෙක තමන්ට අතට පත් වූයේ තැපැල් මගින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී අනාවරණය කර තිබේ.

එම වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ වාර්තාවල ඇතුළත් ඇතැම් කරුණු වලට අනුව ජාතික ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වීම නිසා බවද ගම්මන්පිළ මහතා සඳහන් කරයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද සඳහන් කරමින් වාර්තාවල ඇති ඇමුණුම් පවා තමන්ට තැපැල් මගින් ලැබී ඇති බවත් ඒවා හැර අනෙක් සියළු වාර්තා එළඹෙන සඳුදා මාධ්‍යයට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවද ඔහු යලි අවධාරණය කරයි.

Related posts

Group of Parliamentarians led by Speaker to visit Kandy

Mohamed Dilsad

அமைச்சர் ரிஷாட் பதியுதீனின் செயலாளர் கைது செய்யப்படவில்லை

Mohamed Dilsad

யாழில் நாய்க் கடிக்குள்ளான மாணவன் ஏற்பட்ட பரிதாப நிலை

Mohamed Dilsad

Leave a Comment