Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

පුද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර ඇති ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට බාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින්, ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

පසුගිය අරගල සමයේ සිය හෝටල්වලට අලාභ හානි කළ බවත් ඒ තුළින් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත් එවන් තත්වයක් තුළ බලපත්‍ර යටතේ නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස ඉකුත් 07 වනදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් තමන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටී.

මේ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කළත් එයින් සහනයක් නොලැබූණ බවද, පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණයට කරුණු දක්වා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ, අදාළ නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ නිවේදනය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටී.

Related posts

President suspends Ministerial vehicle purchase

Mohamed Dilsad

UN Child Rights Committee to review Sri Lanka

Mohamed Dilsad

Thisara Perera and Tymal Mills sign with BBL

Mohamed Dilsad

Leave a Comment