Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රීක බැඳුම්කරවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධිචෝදනා – විදේශ ගමන් තහනම්

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක, 2012 වසරේ මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

ඒ අනුව, එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදිය යුතු බවටත් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවටත් නියෝග කර ඇත.

Related posts

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

ஜனாதிபதி கோத்தாபய ராஜபக்ஷவின் அதிகாரபூர்வ இலச்சினை[VIDEO]

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment