Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව අද(09) ප්‍රකාශ කළේය.

මේ බව ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹදී අද (09) නිල වශයෙන් එළිදැක්වුණු අවස්ථාවේදීය.

රන්ජන් රාමනායක, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මයික් ලකුණින් තරග වදින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ එම පක්ෂය ආරම්භ කෙරුණි. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙස ද තිලක්රත්න ඩිල්ෂාන් මහතාව පත් කර තිබේ.

Related posts

உலகின் மாபெரும் புத்தகக் கண்காட்சி இலங்கையில் எதிர்வரும் ஜூன் மாதத்தில்

Mohamed Dilsad

வாழைத்தோட்டம் துப்பாக்கி சூட்டு சம்பவம்- ரய்னா கைது

Mohamed Dilsad

Rohit Sharma set to lead in Sri Lanka Tri-Series

Mohamed Dilsad

Leave a Comment