Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ට කොරියානු අධාර

බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම සඳහා සුබසාධන ව්‍යාපෘති හඳුනා ගැනීමටත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දස අවුරුදු විශේෂ සැලැස්මක් සැකසීම සඳහා වූ මූලික සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 08දා පැවැත්වින.

කොරියා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් හෝප් ජාත්‍යන්තර සංවිධානය මේ සඳහා දායකත්වය ලබාදෙයි. එම ව්‍යාපෘතිය යටතේ, බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළව, ළමා සංවර්ධනය සහ අධ්‍යාපන ජීවනෝපාය සංවර්ධනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ආපදා අවදානම් කළමනාකරනය යන ක්ෂේත්‍ර 04 ඔස්සේ සංවර්ධන ව්‍යපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම ට අපේක්ෂා කරයි.

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම් පිළිබඳව මෙහිදී ඉදිරිපත් කෙරිණ.

කොරියා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් හෝප් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ඇතුළු එම සංවිධානයේ නිලධාරීන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා, බද්දේගම ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Related posts

පාසැල් සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පැන දිවි නසා ගනී

Mohamed Dilsad

யால தேசிய பூங்காவின் மூலம் கடந்த வருடத்தில் ஆகக்கூடிய வருமானம்

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම පෙර කළ යුතු දේවල් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment