Trending Newsඑසැන පුවත්දේශීය

සෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහනක් රට තුළ ඇති කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කැස්බෑවේ ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරී හමුවකදී විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. මේ වන විට රටේ ජනතාව මුහුණ දෙන පීඩනය මතු පරම්පරාවට ලබා නොදිය යුතුයි. වාදභේදවලින් තොරව රටේ ඉදිරි ගමනට ආර්ථිකය ශක්තිමත් කරන ගමනට නායකත්වය ලබා දිය යුතුයි. බවත් ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය යි.

රට ගොඩනගන චින්තනය දර්ශනය නිපුණතාව හා කුසලතාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගය සමගයි. රටක් ලෙස යන ගමනේ දී රැකියා උත්පාදනයට මුල්තැන දිමෙන්, බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. ඒ තුළින් ආදායම් මාර්ග බිහි වීම, අතමිට සරුවීම, නැවත ආයෝජනය, ඉතිරි කිරීම නිෂ්පාදනය හා අපනයනය ශක්තිමත් වෙනවා. ඒ සඳහා නායකත්වය ලබා දීම සමගි ජන බලවේගය සූදානම් යැයි ද කීවේය.

Related posts

ஜனாதிபதி பிரதமருக்கும் இடையில் இன்று விசேட சந்திப்பு

Mohamed Dilsad

Water cut from Kadawatha to Kirindivita today

Mohamed Dilsad

பூஜித் – ஹேமசிறி சிறைச்சாலை அதிகாரிகளால் கைது [UPDATE]

Mohamed Dilsad

Leave a Comment