Trending Newsඑසැන පුවත්දේශීය

බිත්තර මිල යළි ඉහළ ට

පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවී තිබුණද, මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරයි.

මේ වන විට බද්දේගම ප්‍රදේශයේ බිත්තරයක සිල්ලර මිල රුපියල් රු. 35-40 අතර වන බව පාරිභෝගිකයෝ සඳහන් කරති. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 45ටද අලෙවිවන බවද සඳහන්.

බිත්තර වෙළෙඳුන් සඳහන් කරන්නේ නිෂ්පාදනය පහත වැටීම නිසා, බිත්තර මිල ඉහළ යමින් ඇති බවයි. පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ද බිත්තර නිෂ්පාදකයන් සඳහන් කරති. මේ වන විට, වෙළෙඳ පොළේ බිත්තරවල තොග විකුණුම් මිල දැක්වූයේ දුඹුරු බිත්තයක් රුපියල් 35ක් හා සුදු බිත්තරයක් රුපියල් 34ක් ලෙසයි.

Related posts

Egypt’s Islamist parties face uncertainty

Mohamed Dilsad

இலஞ்சம் பெற்ற முன்னாள் இறக்குமதி ஏற்றுமதி கட்டுப்பாட்டாளரின் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Editor O

Leave a Comment