Trending Newsඑසැන පුවත්දේශීය

රට ගොඩනගන ප්‍රයෝගික වැඩපිළිවෙලත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමත් සමගි ජනබලවේගය සතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නායකත්වය තුළ ලබන ජයග්‍රහණයන් වලට උරුමකම් කියන්න ඉදිරිපත් වෙනවා සේම පරාජයන් පසුබෑම්වලට ලක් වුවද එම වගකීම බාර ගන්න පසුබට නොවිය යුතු බවත් අවසාන වගකීම නායකයා බාර ගත යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කෝට්ටේ ආසනයේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයන් හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, මේ මොහොතේ දී රට වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කිරිමට තියෙනවා. කුහක ලෙස වෛරක්කාර, ඊර්ෂ්‍යාකාර ලෙස වත්මන් තත්ත්වය විග්‍රහ නොකළ කරන්න එපා. අවසානයේ අප සියලු දෙනාම දේශපාලනය කරන්නේ මෙන්ම ජීවත්වන්නේ ද මේ රටේ නිසා රට ගැන සිතිය යුතුයි. රට තුළ ඇති යථාර්ථය වන්නේ ණය ගෙවා ගැනීමට නොහැකි වීමයි. බංකොලොත් රටේ පසුබෑමට ලක්වූ අයට ද විශාල කාර්යක් ඇති බවත් අදටත් මේ මොහොතටත් රට ගොඩනගන දූරදර්ශ සත්‍යවාදී ප්‍රායෝගික ශක්තිමත්ම වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගය සතුව තියෙනවා. හොඳම ප්‍රබුද්ධ ප්‍රශස්ත දක්ෂතම කණ්ඩායම සිටින්නේ ද සමගි ජන බලවේගය සමග සිටිනවා යැයි ද කීවේය.

Related posts

Meghan Markle, Prince Harry to attend his ex’s wedding

Mohamed Dilsad

ANC decides to remove Jacob Zuma

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්

Mohamed Dilsad

Leave a Comment