Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනාවලදී තරුණ නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. මේ අනුව, තරුණ තරුණියන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් නාම යෝජනාවලට ඇතුළත් කරන බවද හෙතෙම කීවේය.

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය නියෝජනය කළ පක්ෂ සමග එකතු වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවද මහ ලේකම්වරයා කීවේය. සමගි ජන සන්ධානය සමග අලුතෙන් සන්ධානගත වන පක්ෂ මොනවාදැයි සාකච්ඡා කර බලා ඉදිරියේදී දැනුම්දෙන බව මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Related posts

Over 500 Km of highways to be rehabilitated

Mohamed Dilsad

UPDATE: Appeal Court sentenced Gnanasara Thero to 6-years Rigorous Imprisonment

Mohamed Dilsad

ஜஸ்டின் ட்ரூடோ: மீண்டும் கனடா பிரதமராகிறார்

Mohamed Dilsad

Leave a Comment