Trending Newsඑසැන පුවත්දේශීය

කෝටි 7ක් වැය කර සභාපති වූ සිරිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ ඒ ආශ්‍රිත වියදම් වලට රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී සිරිපාල මහතා එසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ශ්‍රීලනිප සභාපති නිමල් සිරිපාල මහතා මෙසේ ද කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස පත්වීමෙන් පසුව ද පක්‍ෂය වෙනුවෙන් ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගවලට මෙන්ම වාරණ නියෝගවලට මුහුණ දීම සඳහාත් ඒවායේ ලියකියවිලිවල ඡායා පිටපත් ගැනීම සඳහා පමණක් රු. ලක්‍ෂ පහක පමණ මුදලක් වැය වුණා. ඒ වගේම පක්ෂ කාර්යාලයේ සේවකයින් සඳහා වැටුප් ගෙවීමට ද තවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය වී ඇතැයි ද සිරිපාල මහතා කීවේය.

Related posts

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කරයි [PHOTOS]

Mohamed Dilsad

14 Wayamba University students remanded over an assault

Mohamed Dilsad

International Conference on Water Protection on 28th

Mohamed Dilsad

Leave a Comment