Trending Newsඑසැන පුවත්දේශීය

වර්ෂ අසූදහසකට වරක් දැකිය හැකි වල්ගා තරුව

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් හෙට (28) සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි. මෙය වසර 80,000 ක කක්ෂගත කාලයක් සහිත දිගු-කාලීන වල්ගා තරු ගණයට අයත් වන බවද, වීරසේකර මහතා සඳහන් කරයි.

සූර්යයා සමඟ සමීපවන ”සී2023 ඒ3 ටීසච්නිෂන්-ඇට්ලස්”’ නමින් හඳුන්වන මෙම වල්ගා තරුව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවද වීරසේකර මහතා සඳහන් කරයි.

හිරු බැස යෑමෙන් පසු මෙම 28දා සන්ධ්‍යාවේදී මෙම දුර්ලභ ආකාශ වස්තුව දැකගත හැකි බවත් පියවි ඇසට එය දුර්වල තිතක් ලෙස දර්ශනය වූවත්, දුරේක්ෂයක් භාවිතයෙන් එහි වලිගය සහිත විචිත්‍රවත් වල්ගා තරුව නිරීක්ෂණ්‍ය කළ හැකි බවත්, හිරු උදාවට මිනිත්තු 45 සිට පැයකට පෙරත් නැගෙනහිර අහසේ දර්ශනය වන මෙම වල්ගා තරුව දැකිය හැකි බවද ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි.

Related posts

National inflation drops to 2.1% in June 2019

Mohamed Dilsad

දොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

LPL තරගාවලිය හෙට ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment