Trending Newsඑසැන පුවත්දේශීය

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 63කින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ජය ගත්හ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත්හ. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ කමිදු මෙන්ඩිස් ලකුණු 114යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගියා. නවසිලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 340ක් රැස් කළ අතර එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ටොම් ලෙතොම් ලකුණු 70ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත්තේය. කේන් විලියම්සන් ලකුණු 55යි.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුළු 4ක් ලබා ගත්තේය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309ක් රැස් කළහ. දිමුත් කරුණාරත්න ලකුණු 83යි. තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 274ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 211ක් පමණයි.

රජින් රවින්ද්‍රා ලකුණු 92ක් රැස් කළේය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසුරිය ලකුණු 68ට කඩුළු 5ක් ලබාගත්තේය. තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය.

Related posts

எஸ்.பீ.நாவின்ன சஜித்திற்கு ஆதரவு

Mohamed Dilsad

South Africa beat Sri Lanka by four wickets in 2nd ODI

Mohamed Dilsad

Sri Lankan Rupee hits record low of 170.65

Mohamed Dilsad

Leave a Comment