විදෙස්

ඇමෙරිකානු ගගනගාමී කපිතාන් ජීන් සර්නන් මිය යයි

සඳ මත අවසන්වරට පා සටහන් තැබූ ඇමෙරිකානු ගගනගාමී කපිතාන් ජීන් සර්නන් මිය යයි.

මිය යන විට 82 වියේ පසු වූ ඔහු අවසන් වරට සඳ මත දෙවරක් පා තැබු තිදෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකේ.

සඳ මත අවසන් වරට පා තැබූ මිනිසා ලෙස ඔහු ඉතිහාසයට එක්වුණේ 1972 වසරේදිය.

1934 මාර්තු 14 වැනිදා  කපිතාන් ජීන් සර්නන්, චිකාගෝ හිදි උපත ලැබූ අතර, 1976 දී ඔහු අභ්‍යාවකාශ ගවේෂණවලින් ඉවත් වී ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණි.

සඳ මත පා සටහන් තැබූ ගගනගාමි දොළොස්දෙනාගෙන් හයදෙනෙකු පමණක් මේ වන විට ජීවතුන් අතර සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

Mohamed Dilsad

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

Mohamed Dilsad

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment