Trending Newsඑසැන පුවත්

කෙහෙලියගේ පුත්‍රයාට අයත් සුඛෝපභොගී නිවාස දෙකකට තහනම් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින්  කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරත්න විසින් එම නියෝගය නිකුත් කළේය. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට අල්ලස් කොමිෂම විසින් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපල ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරිණ,

Related posts

இலங்கை – சிங்கப்பூர் சுதந்திர வர்த்தக உடன்படிக்கை தற்காலிகமாக இடைநிறுத்தம்

Mohamed Dilsad

தனுஷை பென்டெடுக்கும் பிரபுதேவா

Mohamed Dilsad

Kendall Jenner admits of being hypochondriac

Mohamed Dilsad

Leave a Comment