Trending Newsඑසැන පුවත්දේශීය

ගම්උදා හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ගම් උද හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරන බවත්, මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දඹුල්ලේදී 16දා පැවති ජන රැළියකදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

“මේ රටේ හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. මාතලේ දිස්ත්‍රික්කයටත් ජනාධිපති කාර්ය සාධක බලකාටයක් පිහිටුවලා මේ ආසන 4ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ජනතාවට ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධවීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කරනවා. නගර හදා ගම්හදා නගර උදාකරන වැඩපිළිවෙළකට අපි යොමුවෙනවා. අනුරටයි, එක්සත් ජාතික පක්ෂේ අයටයි ඔබගේ ඡන්දේ නාස්ති කරන්න එපා. රට සංවර්ධනය කරන අපේ ගමනත් එක්ක සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව එකතුවෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබ පොදුජන යුගයට ඔබගේ වරම ලබා දෙනවාද? තීන්දුව තිබෙන්නේ ඔබ අතේ. කිසිම සැකයක් නෑ මෙදාපාර රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොර ගිවිසුම්, හොර ඩීල් දේශපාලනය අපි අවසන් කරලා පොදුජන යුගය, පොඩි මිනිහාගේ යුගය බිහිවෙනවයි කියන එක අපි විශ්වාස කරනවා.”

Related posts

දේශපාලන පලිගැනීම් විමර්ශණ කොමිෂන් සභා වාර්තාව ජනපතිට

Mohamed Dilsad

India defeat South Africa by 6 wickets in Cricket World Cup

Mohamed Dilsad

විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

Mohamed Dilsad

Leave a Comment