Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය තහනම ඉවත් කරයි.

2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.. ඒ අනුව විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති එහි සඳහන්.

එම සටහන පහතින්

යාවත්කාලීන කිරීම.

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කරන බවද හෙතෙම කීවේය.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි. වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ය. එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට මෝටර් රථ ආනයනය සීමා ලිහිල් කෙරේ.

Related posts

‘වෙලේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

உலகின் மிக வயதான மனிதர் மரணம்…

Mohamed Dilsad

ඉම්තියාස් බාකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment