Trending Newsඑසැන පුවත්දේශීය

දකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද  ලබාදෙනවා – නාමල් රාජපක්ෂ

දකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද  ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යාපනයේ දී පැවති ජන හමුවකදී නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. තරුණයෙකු ලෙස උතුරු නැගෙනහිර මෙන්ම රට පුරා තාරුණ්‍යයේ හද ගැස්ම දැනෙනවා. ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට ගැලපෙන පරිදි අධ්‍යාපන ක්‍රමයේ සංශෝධන කරනවා.

රට තුළ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම සහ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම මගේ ප්‍රධාන අරමුණක්. බොහෝ දේශපාලන පක්ෂ මැතිවරණ කාලයට 13 වෙනි සංශෝධනය පිළිබඳ කතා කරනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැහැ. එය මධ්‍යම රජය සතුව තියෙනවා.

Related posts

සහල් හිඟයක් ?

Mohamed Dilsad

Rafael Nadal beats Novak Djokovic to reach Madrid Open final

Mohamed Dilsad

இ.போ.ச ஊழியர்கள் வேலைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment