Trending Newsඑසැන පුවත්දේශීය

දැන් කයිය ගහන නායක, රට වැටුණු වෙලේ බයේ පැනලා ගියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රට වැටුණු අවස්ථාවේ පළාගිය සජිත් හෝ අනුර වෙනුවට අභියෝගය භාරගෙන රට ස්ථාවර කළ තමන්ට ජනතාව ඡන්දය දෙනු ඇතැයි, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  නාරම්මල – දඹදෙණියේ ඊයේ (10) පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. “මොකක්ද මම කළේ ? වෙන කවුරුත් මේක කරන්නේ නැත්නම් මම අරගෙන මේක කරන්න මම භාර ගත්තා. ජනතාවට ආහාර, ඩීසල්, ගෑස්, බෙහෙත් තියෙන්න ඕනේ. ආර්ථිකය දුවන්න ඕනේ. නැත්නම් රට කඩා වැටෙනවා. මම හිතුවා මේ රටේ දේශපාලන නායකයෙක් හැටියට මට ඒ යුතුකම ඉටු කළා. ඒ වගකීම භාරගන්න. අවාසනාවකට මට ඉස්සරහින් හිටපු සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක දෙන්නම පැනලා ගියා. ඉතින් අපි එකතුවෙලා ඒක කරන එක වැරැද්දක්ද ? මේ අය පැනලා ගියා. ඊට පස්සේ වැඩවර්ජන කළා. මොකක්ද අනුර කුමාර දිසානායකයි, සජිත් ප්‍රේමදාසයි කරන්න යන්නේ. ඕන තැනකට ඇවිල්ලා කථා කරයි, කථාකරලා යනවා. 2022 වසරේ ජනතාව පෝලිම්වල දුක්විඳින විට මේ අය හොයාගන්න හිටියෙත් නැහැ. දැන් කියනවා ජනතාවගේ අනාගතය ඔවුන්ට භාරදෙන්න කියලා. ඒ සඳහා මේ රටේ ජනතාව සූදානම් නැහැ කියා මම දන්නවා. අප සියලුදෙනා එක්ව රට දියුණු කරමු. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඉදිරියේ කතිරය සළකුණු කරන ලෙස ඉල්ලනවා යැයි ද කිවේය.

Related posts

“The Grudge” reboot hit by a lawsuit

Mohamed Dilsad

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

பிரபல நடிகர் தனுஷ் நீதிமன்றத்தில்!

Mohamed Dilsad

Leave a Comment