Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගයේදී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇතැයි සඳහන්.

කඩුළු රකින ක්‍රීඩක නිෂාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් නැවතත් කණ්ඩායමට එක් කර තිබේ. දගපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට කණ්ඩායම ඇතුළත් කර ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු. එංගලන්ත කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදු කර තිබේ. ඒ වේගපන්දු යවන ක්‍රීඩක මැතිව් පොට්ස් වෙනුවට නවක වේග පන්දු යවන්නෙක් වන ජොෂ් හල් කණ්ඩායමට කැඳවා තිබේ. දෙරට අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. 

Related posts

Lotus Road closed

Mohamed Dilsad

“Whoever wins Presidency should abolish 19th Amendment” – President

Mohamed Dilsad

President Maithri’s Latest Revalation on Death Penalty 

Mohamed Dilsad

Leave a Comment