Trending Newsඑසැන පුවත්දේශීය

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වළදමා තිබූ බිම් බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවත්, පිපිරීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ එම සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව්දෙනෙක් බවද තුනුක්කායි පොලීසිය සඳහන් කරයි.

බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකළ බවද පොලීසිය කියයි.

Related posts

கஞ்சாவுடன் இருவர் கைது

Mohamed Dilsad

Singapore HIV registry data leaked online in health breach

Mohamed Dilsad

Sri Lankan rupee hits record low against US dollar

Mohamed Dilsad

Leave a Comment