Trending Newsඑසැන පුවත්දේශීය

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වළදමා තිබූ බිම් බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවත්, පිපිරීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ එම සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව්දෙනෙක් බවද තුනුක්කායි පොලීසිය සඳහන් කරයි.

බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකළ බවද පොලීසිය කියයි.

Related posts

மொரகஹகந்த நீர்த்தேக்க ஊழியர்கள் சிலர் எதிர்ப்பில்

Mohamed Dilsad

Adverse Weather: Government prepared to handle any disasters

Mohamed Dilsad

රනිල් අත්අඩංගුවට ගැනීම දේශපාලන ක්‍රියාවලියක් – නිර්මාල් දේවසිරි

Editor O

Leave a Comment