Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවකයින්ට 2025 ජනවාරි 01 සිට වැටුප් වැඩිවීම ස්ථීරයි

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමේ ප්‍රතිලාභය 2025 ජනවාරි 01 වනදා නියත වශයෙන්ම ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඡන්ද පොරොන්දු ඇතුළත් හුදු ලියවිල්ලක් නොවන බවත් ඊට මහා භාණ්ඩාගාරයේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලබා දී ඇතැයි හෙතෙම කීවේය.

එම නිසා එම ප්‍රතිලාභය ලැබීමට තවත් තිබෙන්නේ ජනවාරි 01 වෙනිදා උදා වීම පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කළේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ඉදිරිපත් වූ යෝජනා ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය සේවක වැටුප නිශ්චිත බැවින් එය කිසිසේත් කප්පාදු නොකළ යුතු බව පවසමින් එය දැඩිව ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සිහිපත් කළා. කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එසේ පැවසීය.

Related posts

ஜொன்ஸ்டன் பெர்னாண்டோ விடுதலை

Mohamed Dilsad

மழையுடன் கூடிய காலநிலை அடுத்த சில நாட்களுக்கும் தொடரும்

Mohamed Dilsad

Desiree Linden becomes first American woman to win Boston Marathon since 1985

Mohamed Dilsad

Leave a Comment