Trending News

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව්දෙනෙක් සහභාගී වන විවාදය අද (04) සවස

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සජීවී විවාදය ලබන 7 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 04 සිට 05 දක්වා පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

එම විවාදය සඳහා අපේක්ෂකයින් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා සහ ස්වාධීන අපේක්ෂක පී. අරියනේත්තිරන් එදිනට සහභාගී වීමට නියමිතව ඇතැයි සඳහන් .

ස්වාධීන අපේක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා විවාදයට සහභාවී වීමට නොහැකි බව දැනුම්දී තිබෙන බවත් ජාතික ජන බලවේගයේ අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වය තවම සනාථ කර නොමැති බවද සඳහන්. විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර විවාදය 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට නියමිත ව තිබෙන බව සඳහන්.

Related posts

Nawaz Sharif: Ex-PM leaves Pakistan for medical treatment

Mohamed Dilsad

8 Held trying to smuggle ganja to Sri Lanka

Mohamed Dilsad

Yala Block One closed from Sept. 02 to Oct. 31

Mohamed Dilsad

Leave a Comment