Trending Newsඑසැන පුවත්දේශීය

අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ

අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශවලින් ආගමික සංහිදියාවට බරපතළ හානියක් සිදුවන බව මහා සංඝරත්නය සඳහන් කරති. ඕනෑම අයෙකුට තම අදහස ප්‍රකාශ කළ හැකි වුව ද ඉන් සමාජයට අගතියක් නොවිය යුතු බවද මහා සංඝරත්නය අවධාරණය කරති.

බෙල්ලන්විලදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ. සිංහල දෙමළ, කතෝලික, කිසි බේදයක් නැතුව අපි ජීවත්වෙනවා. ඒ අපේ රටට අද තියෙන ආශීර්වාදයක්. කාදිනල්තුමා නැවත නැවත විවේචනාත්මක, කරුණ ඇතැම් අය ගැන ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව අපට ප්‍රශ්නගත කරුණු තියෙනවා. එය ජාතික සහ ආගම් අතර සමගියට හානියක් සහ බාධාවක්. දළදා මාලිගාවට, ශ්‍රී මහා බෝධියට බෝම්බ ගැහුවා. ඒ ගැන අපි සමාජයේ ඉන්න අයට අපි චෝදනා කළේ නැහැ. යම් කරුණක් පිළිබඳ සැකයක් තියෙනවනම් එම කරුණු අදාළ තැන්වලට ඉදිරිපත් කරලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාදිනල්තුමාගෙන් ඉල්ලනවා යැයි බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේය.

Related posts

SLC to complain to CID on the pitch-fixing incident, following exposure by Al Jazeera [DOCUMENTARY VIDEO]

Mohamed Dilsad

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

UNP writes to Facebook urging to safeguard user information from Government

Mohamed Dilsad

Leave a Comment