Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් තිබෙන බවයි. ඒවා කඩිනමින් බෙදා අවසන් කරන බවද කීවේය.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, 712,318කි. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 04,05 හා 06 යන දිනවල සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා අමතර සේවකයින් යොදා ගැනීමට මැතිවරණ කොමිසම අවසර දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව විශ්‍රාමිකයින් හෝ තාවකාලික සේවකයින් ඒ සඳහා යොදගත හැකියි. එහෙත්, මෙතෙක් එවැනි අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව, තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

Large revenue contribution from migrants – Premier

Mohamed Dilsad

ජනපති අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment