Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

දුප්පත්කම තුරන් කර, දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා සාර්ථකම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිකවැරටියේ අද (30) පැවති ජන රැලියකදී සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. “රාජ්‍ය සේවය වෙනුවෙන් 24%ක වැටුප් වැඩි කිරීමක්. රු17,800 සිට 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ලබාදීම. රු 57,000ක අවම වැටුපක්. 6% – 36% දක්වා තිබෙන බදු සුත්‍රය වෙනුවට 1% – 24% දක්වා ක්‍රියාත්මක වන බදු සුත්‍රයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවය මැදපන්තිය රකින වැඩපිළිවෙලකට යොමු වෙනවා. ගොවීන්ට කිලෝ 50 පොහොර මිටිය රු 5,000ට ලබාදෙනවා. රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබාදෙමින් වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. දුප්පත්කම තුරන් කිරීමට ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය හැම වැඩසටහනකම හොඳ ගුණාංගයන් ටික අරගෙන අවුරුදු 2ක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමහර කුහකයෝ විවේචනය කරනවා කරන්න බෑලු. වැඩබැරි අයට බෑ තමා. කුරුණෑගල මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා 30 ජීවත් වන අපේ ජනතාව වෙනුවෙන් කුරුණෑගල ගොඩගන්නවාමයි. අපිට ඉඩ දෙන්න රට ගොඩගන්න. කවුද ජනතාවට පිහිට වෙන්නේ. හොඳට මතක තියා ගන්න ඔබේ දුකේදී ඉන්න එකම හිතවතා සජිත්.”

Related posts

නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩිම ප‍්‍රතිශතයක් සිදුකළ ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයින්ට මැතිවරණ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

பாராளுமன்றினை கலைப்பது தொடர்பிலான வர்த்தமானிக்கு எதிரான மனு மீதான விசாரணை இன்று

Mohamed Dilsad

Leave a Comment