Trending Newsඑසැන පුවත්දේශීය

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී, ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, සිය නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබා දුන් සහයෝගයට ස්තූතිය පළ කළ තිබෙන බව සඳහන්.

තවද ඉදිරි ජනාධිපතිවරණය 2022 දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබා දෙන බවද පෙන්වා දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරු කරමින්, නිවැරදි ආර්ථික ගමනකට මෙම මැතිවරණය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතැයි ඒ මහතා පෙන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජයේ පූර්ණ කැපවීම ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවත් මැතිවරණවලට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ කොමිෂන් සභාව බවත් පෙන්වාදී තිබෙනවා.

Related posts

Singapore Govt. to provide Sri Lanka with technical expertise to prevent drug trafficking

Mohamed Dilsad

நிலைப்பேறான பொருளாதாரத்தை கட்டியெழுப்பும் முயற்சியை நல்லாட்சி அரசாங்கம் ஆரம்பித்துள்ளது

Mohamed Dilsad

மெக்சிகோவில் விமான விபத்தை செல்போனில் வீடியோ எடுத்த பயணி

Mohamed Dilsad

Leave a Comment