Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්: ජනාධිපති සහ මැ. කො. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

(UTV | කොළඹ) –

නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා.

2023 මාර්තු මස 09 වනදාපැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුනි.

2023 වසරේ මාර්තු මස 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබිණ.

Related posts

Minister Wijeyadasa Rajapakshe assumes duties as Education, Higher Education Minister

Mohamed Dilsad

ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

Mohamed Dilsad

18 hour water cut in Kelaniya Tommorow

Mohamed Dilsad

Leave a Comment