Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කර, සහාය දීමට තීරණය කළා – තිලකරත්න ඩිල්ෂාන්

(UTV | කොළඹ) –

පක්ෂ පාට භේදයකින් තොරව රටට  සේවයක් කිරීම තම අපේක්ෂාව බවත්. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එතුමාට සහාය පළකිරීමට තීරණය කළ බවත් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පවසනවා. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම ඒ බව සඳහන් කළේය.

එමෙන්ම විපක්ෂනායකවරයා වටා හොඳ කණ්ඩායමක් සිටින බවත්, හොඳ නායකයෙකුට හොඳ කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කළා. තමන් ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙක් බවත්, තමන්ට පාර්ලිමේන්තුවට යාමට කිසිඳු අවශ්‍යතාවක් නැති බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් කිසි අවස්ථාවක් හිමිවුවහොත් අවශ්‍ය නම් එම පුරවැසිභාවය ඉවත් කරගැනීමට වුව තමන් සූදානම් බවත්, ක්‍රීඩා අමාත්‍ය ධූරය හෝ කිසිඳු දෙයක් බලාපොරොත්තුවෙන් තමන් විපක්ෂය සමග එක්නොවූ බවත් තිලකරත්න දිල්ශාන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

මැතිවරණයක් ඉල්ලා මාලිමාව ජුනි 08 සිට යළි සටනට

Mohamed Dilsad

தென்னாபிரிக்கா உடன் மோதிய பாகிஸ்தானுக்கு திரில் வெற்றி

Mohamed Dilsad

Brazil gymnasts accuse ex-coach Lopes of abuse

Mohamed Dilsad

Leave a Comment