Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්නේ නැහැ – හිටපු ජනාධිපති චන්ද්‍රිකා

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා තරඟ කරන කිසිදු අපේක්ෂකයකුට සහයෝගය නොදීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය. ඊයේ(11) අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවක දී ඇය මේ බව සඳහන් කළාය.

කෙසේ වෙතත් තමන්ට පුද්ගලිකව ඕනෑම අයෙකුට සහාය දීමේ අවස්ථාව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධයක් හෝ අකමැත්තක් හෝ නොමැති බවත් හිටපු ජනාධිපතිවරිය සඳහන් කළාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පක්ෂයට සිදුකරන හානිය පිළිබඳ ව ඇය දැඩි කණස්සල්ල පළ කළාය.

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

Editor O

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

World number one Halep avoids shock defeat at Miami Open

Mohamed Dilsad

Leave a Comment