Trending Newsඑසැන පුවත්දේශීය

ජයග්‍රහණය කිරීමට පක්ෂය හෝ ලකුණ අදාළ නැහැ – විජයදාස රාජපක්ෂ

(UTV | කොළඹ) –

මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂයේ නම හෝ සලකුණ අදාළ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. පවතින ක්‍රමය වෙනස් කරලා, තරුණ තරුණියන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව හදලා දෙන්න අපි සූදානම්. වංචාකාරයෝ ඔක්කොම එකපැත්තකට හේත්තු වෙලා. නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉන්නේ මම සමග. ඒ අයට අත තියන්න කාටවත් බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම සභාපතිවරයා මම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 15න් 12ක් මට කැමැත්ත පළ කළා. දයාසිරි හෝ සිරිපාල පක්ෂය ඇතුළේ ඡන්දයක් විමසුවේ නැහැ. මැතිවරණ්‍යක් ජයග්‍රහණය කරන්න ලකුණ හෝ පක්ෂයේ නම අදාළ නැහැ. ඒකට උදාහරණ බණ්ඩාරනායක මහත්තයා, ඊට පස්සේ චන්ද්‍රිකා, සහ මහින්ද  ජනාධිපති වුණේ ”අත”” ලකුණෙන් නෙවෙයි. යැයි ද කීවේය.

Related posts

உற்பத்தி இழப்பீடு காப்புறுதி திட்டம் எதிர்வரும் 20 ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

Police probe semi-nude photos taken on Pidurangala Rock

Mohamed Dilsad

விமலுக்கு ஒரு கோடி ரூபாய் செலுத்துமாறு நீதிமன்றம் உத்தரவு

Mohamed Dilsad

Leave a Comment