(UTV | කොළඹ) –
ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
”හදවතින්ම රට ට” යන මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11) පැවති උත්සවයකදී, හෙතෙම එසේ පැවසීය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ජෙෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
