Trending Newsඑසැන පුවත්දේශීය

මනුෂගේ පුරප්පාඩුවට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) –

හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුව නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කිරීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කෙරේ.

ඒ අනුව මනූෂ නානායක්කර මහතාගෙන් පුරප්පාඩුවන සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අසුන සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට යොමු කිරීමට පියවර ගන්නා බවයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එමෙන්ම හරින් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩුවන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් පක්ෂය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව ද සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

மடகாஸ்கரை தாக்கிய ‘அவா’ புயலுக்கு பலியானோர் எண்ணிக்கை 51 ஆக உயர்வு

Mohamed Dilsad

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි

Mohamed Dilsad

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

Mohamed Dilsad

Leave a Comment