Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් මහතා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. යාපනයේ සෙල්වා කලාගාරයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදීයි මේ සම්බන්ධයෙන් වන තීරණය ප්‍රකාශයට පත්කළේ.

ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා දෙමළ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් තැබූහ.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී තවරාසා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී ඇති අතර ඉන් වැඩි පිරිසකගේ සහයෝගය ලැබී ඇත්තේ පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් මහතාටයි.

අරියනේත්‍රන් මහතා 2004 වසරේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.

Related posts

President receives warm welcome in Moscow

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

අයවැය අද

Mohamed Dilsad

Leave a Comment