Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

(UTV | කොළඹ) –

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 110කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්හ.  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසය.

මීට පෙර ඔවුන් එක්දින තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරග 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණි. අද තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 27කට කඩුලු 05ක් දවාගැනීමට සමත් විය. මෙය ඔහු එක්දින තරගයකදී බිඳ දැමූ දෙවැනි කඩුලු 05 අවස්ථාවද වෙයි.

මෙහිදී ඉන්දීය පරාජයේ අවමානය යම් තරමකින් හෝ අඩුවූයේ නායක රෝහිත් ශර්මා (35), වොෂින්ටන් සුන්දර් (30) හා විරාට් කෝලි (20) ගොඩනැගූ ඉනිම් හේතුවෙනි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේය. ඒ හේතුවෙන් ඔහුට ලකුණු 04කින් එක්දින දිවියේ 04වැනි ශතකය අහිමි විය. අවිශ්කට අමතරව කුසල් මෙන්ඩිස් ඉවසිලිවන්ත අර්ධ ශතකයක් (59) ගොඩනැගූ අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකද ලකුණු 45කින් දායක විය.

Related posts

Music, films and Lady Gaga shine at Golden Globes 2019

Mohamed Dilsad

ஊடகவியலாளர் மீது தாக்குதல் நடத்தியவர்கள் கைது

Mohamed Dilsad

Jason Roy ready to counter early trial by spin

Mohamed Dilsad

Leave a Comment