Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ සහාය කාටද…. ?

(UTV | කොළඹ) –

සමස්ත ලංකා මහජන පක්ෂයේ ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි ලබන 14වෙනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. සමස්ත ලංකා මහජන පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පුළුල් සාකච්ඡාවක් කළා ජනාධිපතිවරණයේ දී කාට සහාය දෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි තීරණයකට ආවා ලබන 14 වෙනිදා උදේ 10ට අපේ අවසන් තීරණය තීන්දුව ගන්න. අපි දැනටත් සමගි ජන බලවේග සන්ධානයේ ඉන්න නිසා ඒ රැස්වීම්වලට අපි සහභාගී වෙනවා. ඒ වෙලාවේ දී සමගි ජන බලවේගය පක්ෂයට අපේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම දැන්  ඉන්න ජනාධිපතිවරයාත් සහයෝගය ලබාදෙන්න කියලා අපිට ලියුමක් එවලා තියෙනවා. අපි කියන්නේ දැන් තියෙන ආර්ථිකය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආපහු රිවස් ජියර් එකේ යන්න බැහැ යැයි ද කීවේ.

Related posts

Elon Musk’s Falcon Heavy rocket launches successfully

Mohamed Dilsad

වාහන ලක්ෂ 07ක AIRBAG අනාරක්ෂිතයි

Mohamed Dilsad

Lotus Road, Colombo temporarily closed

Mohamed Dilsad

Leave a Comment