Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

(UTV | කොළඹ) –

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2024 ජූලි 23 දින නිකුත් කරන ලද ප්‍රකාශයේ ඇතුළත්, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව දැඩි ලෙස නැවත අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වෙත මීට පෙරද අවධාරණය කර ඇතැයි අමාත්‍යංශය පවසයි.

කැනඩාවේ දේශීය ඡන්ද බැංකු දේශපාලනයෙන් නැඟෙන මෙම චෝදනාව ශ්‍රී ලංකාව සහ කැනඩාව යන දෙරටේම සමගියට සහ වාර්ගික සහජීවනයට හිතකර නොවන බව ද පෙන්වා දෙයි.

Related posts

“I will serve the people with or without my parliamentary seat” – Vidura Wickramanayake

Mohamed Dilsad

SLFP and UNP avert split, plan reshuffle

Mohamed Dilsad

ஜேம்ஸ் பொண்ட் காலமானார்

Mohamed Dilsad

Leave a Comment