Trending Newsඑසැන පුවත්දේශීය

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) –

මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට අද(05) කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බවයි.

මේ අතර, අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානින් ද කොමිසම හමුවට කැඳවා ඇතැයි  ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ ය.

හෙට සිට අමාත්‍යාංශ මට්ටමින් අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.  මැතිවරණ කොමිසම පැවසුවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා කරන බවයි.

Related posts

Malaysia’s Anwar Ibrahim freed from jail after Mahathir election win

Mohamed Dilsad

“Ramadan enables families, communities to connect with one another” – Premier

Mohamed Dilsad

Pakistani couple arrested with heroin in their stomachs at BIA

Mohamed Dilsad

Leave a Comment