Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දදායකයන් ලක්ෂ 40කගේ මනාපය කාටදැයි තීරණය අවසන් දෙසතියේදී

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා මේ දක්වා තීරණය කර නැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් අනාවරණයවී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය ට අදාළව තෝරාගත් ප්‍රදේශ කිහිපයක සමීක්ෂණයක් කර තිබේ. එහිදී අනාවරණය වී තිබෙන්නේ ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේදී බවත්, එලෙස ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 30%ක් පමණ වන බවද සඳහන්.

රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවද සඳහන්.

Related posts

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව වහාම ඉවතට [RELEASE]

Mohamed Dilsad

Provincial Council Elections to be held before 31 May

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටත් අවධානම්

Mohamed Dilsad

Leave a Comment