Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාවක්

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සදහා දැනට ලබාදෙන රුපියල් 2,500ක දීමනාවට අමතරව රුපියල් 3,000ක් එක්කොට ලබන මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම්ව සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදුකිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යූ.ආර්.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත් කෙරිණ.

එමඟින් සිදුකෙරෙන සමාලෝචන අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යූහය ක්‍රියාත්මක කරන තෙක් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.

මේ වනවිට රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ 07 ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂය තුළ මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 8.4ක අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය අයවැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්‍යයේ වුවද මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට පියවර ගනු ලැබූවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය ලබාදෙන ඉක්මන් කෙටිකාලීන විසඳුමක් ලෙස මෙම දීමනාව ලබාදෙන බවද හෙතෙම කීවේය.

Related posts

Anti-Government protests sweep Algeria

Mohamed Dilsad

Toll on Colombo bound traffic on the cards

Mohamed Dilsad

2030 දී ලංකාව සහ ඉන්දියාව අතර අලුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment