Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ඇතුළු තිදෙනෙකුට එරෙහි වාරණ නියෝග ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(30) නියෝග කළේය.

ලසන්ත අලගියවන්න, ඇමති මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  මහත්වරුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම හා එම තනතුරුවල වෙනත් පුද්ගලයින් කටයුතු කිරීම වළකාලමින්  මෙම වාරණ නිකුත් කර තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවරුන් නඩු තුනක් සලකා බැලීමෙන් පසුව පසුගිය  අප්‍රේල් මාසයේදී මෙම වාරණ නිකුත් කර තිබිණි. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක යන මහත්වරුන්ට මෙම වාරණ නිකුත් කර තිබිණි .විත්තියේ විරෝධතා ඔක්තෝබර් 09 දින ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

 

Related posts

Ven. Girambe Ananda Thera passes away

Mohamed Dilsad

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

UPDATE-பிரதமருக்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணை சபாநாயகரிடம் கையளிக்கப்பட்டது

Mohamed Dilsad

Leave a Comment