Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය කාටද…?

(UTV | කොළඹ) –

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය ලබාදෙන ලෙස ඉල්ලමින්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ආරාධනා කළ බවත්, සහය දෙන්නේ කාටදැයි තවම තීරණය කර නොමැති බවත්, අපේ සාධාරණ ඉල්ලීම් සඳහා එකඟවන අපේක්ෂකයාට  සහාය ලබාදෙන බවත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් මහ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. සමුළුව පුත්තලම නගරයේදී පසුගිය දා පැවැත්වින.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “මේ වෙනකොට ජනාධිපතිවරණය නිවේදනය කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ නාමයෝජනා භාර දෙනවා. මේ වෙද්දි ප්‍රධාන පක්ෂ දෙකම අපේ පක්ෂයට ආරාධනා කරලා තියෙනවා. එවැනි පසුබිමක තමා මේ වගේ විශාල ජනතාවක් සමග මේ රැස්වීම තියන්නේ. සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී කුමන හෝ අපේක්ෂකයෙක්ට සහාය ලබා දෙනවා. හැබැයි ඒ අපේ සාධාරණ ඉල්ලීම් 10ට එකඟ වුණොත් විතරයි. ඒ ඉල්ලීම්වලින් ප්‍රධාන ඉල්ලීම වෙන්නේ පුත්තලම රෝහල ඊළඟ අදියරය දක්වා සංවර්ධනය කිරීමයි. අපේ ඉල්ලීම්වලට එකඟවන අපේක්ෂකයාට අපේ සහාය ලබා දෙනවා.” යැයි ද කීවේය.

Related posts

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

Mohamed Dilsad

அடுத்த ‘மக்கள் சக்தி எதிர்ப்பு பேரணி’ கண்டியில்

Mohamed Dilsad

“எமது பாரிய ஆடை தொழில்துறையில் மூன்றில் இரண்டு பங்கு பெண் தொழிலாளர் பலத்தைக் கொண்டுள்ளது”

Mohamed Dilsad

Leave a Comment