Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

(UTV | කොළඹ) –

ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හැකිවිය. ඊයේ (26) පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරඟය අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකින් ජයග්‍රහණය කළහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදෙන්නැයි පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළාය. ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළේය.

ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕවර 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරගයේ තියුණු ජයක් වාර්තා කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 48ක දී ලකුණු 63ක් ලබා ගත්තාය. අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක් ලබා ගත්තාය.

 

 

Related posts

Two Reverse Osmosis plants bestowed on public

Mohamed Dilsad

“Corrupt leaders must bear the burden of Taxes” – JVP

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 768ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment