Trending Newsඑසැන පුවත්දේශීය

ජූලි මස පළමු සති තුනට සංචාරකයින් 120,000 මෙරට ට ඇවිත්

(UTV | කොළඹ) –

මෙම ජූලි මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 120,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි. ඒ අනුව එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 127,925ක් වන අතර ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 30,442ක් වෙයි.

එමෙන්ම, බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ ඇත. ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 11 ලක්ෂ 38,174 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Related posts

Adele shows off her slim figure at Drake’s birthday party

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර හොයයි

Editor O

Narendra Modi in Israel to meet Benjamin Netanyahu

Mohamed Dilsad

Leave a Comment