Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ පිරිසක් රනිල් ට සහය දෙන බව මහින්දට කෙලින්ම කියයි.

(UTV | කොළඹ) –

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත, ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (25)දැනුම් දී තිබේ. කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රැස්වීමකදී මෙම කරුණු අනාවරණය විය.

මේ අවස්ථාවේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් එය පක්ෂයේ ඡන්ද පදනම⁣ට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවයි

Related posts

Maldives frees Sri Lankan accused of plotting to assassinate Yameen

Mohamed Dilsad

Lottery Tickets sold at Rs. 20 from February 01st

Mohamed Dilsad

පොහොර සහනාධාර වංචා කළ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment