Trending Newsඑසැන පුවත්දේශීය

බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යෑමේ වගකීම අත් හරින්නේ නැහැ – ජනාධිපති

(UTV | කොළඹ) –

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ අලුත් අදියරක් අද අපි ආරම්භ කරනවා. ඒ අනුව පැවැදි සිසුන්ටත් මෙම ශිෂ්‍යත්ව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අප මේ වන විට ශිෂ්‍යත්වලාභීන් සියුලදෙනාගේ හිඟ මුදල් තමන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර තිබෙනවා.මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට පසුබිමක් තිබෙනවා. පසුගිය වසර 04 දී මේ රටේ ජනතාව විඳි දුක මම අමුතුවෙන් කිවයුතු නැහැ. ආර්ථිකය බංකොලොත්වීම හේතුවෙන් ජනතාව පීඩාවට ලක් වුණා. දැන් රටේ ආර්ථිකය ස්ථාවරවීමත් සමඟ ජනතාවට සහන ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අස්වැසුම, උරුමය වැනි විවිධ වැඩසටහන් අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබාදීම වෙනුවෙන් අප ජනාධිපති අරමුදල හරහා ශිෂ්‍යත්ව වැඩසටහන් කිහිපයක් හඳුන්වා දුන්නා. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලා ද දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කුමන හේතුවක් නිසාවත් භික්ෂු අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් ද අප මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. බුද්ධ ශාසනය පිළිබඳ අවධානය යොමු කරන විට නව භික්ෂු පරපුර ගොඩනැගීමට අවශ්‍ය පසුබිම අප විසින් රට තුළ සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් සිදු කළ හැකි වැදගත් කටයුත්තක් ලෙස මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය හැදින්විය හැකියි. රටේ බෞද්ධ අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම එය දියුණු කළ යුතුයි. පිරිවෙන් ක්‍රමය ආරම්භ කරන විට ඒ වෙනුවෙන් ආධාර උපකාර කිරීමට මට එදා අවස්ථාව ලැබුණා. රටේ ප්‍රශ්න තිබුණත් කිසිවිටෙකත් එම යුතුකම අප අත් හරින්නේ නැති බව අවධාරණය කරනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රදීප් උඳුගොඩ,බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆොස් රොෂාන් ගුණතිලක, ජනාධිති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් හා ජනාධිපති අරමුදලේ ප්‍රධානී සරත් කුමාර යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

35 இலட்சம் பெறுமதியுடைய சிகரட் தொகையுடன் சீன பிரஜைகள் கைது

Mohamed Dilsad

Zuma survives No-Confidence Vote in ANC

Mohamed Dilsad

DIG Nalaka de Silva and Namal Kumara to appear before courts on Oct. 08

Mohamed Dilsad

Leave a Comment