Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවුණා – අගමැති

(UTV | කොළඹ) –

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සෘණ තත්ත්වයේ තිබූ ජාතික ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජා ඇල ප්‍රා දේශීය මහ ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ල සදහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 219.5කි.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

“Army ready to undertake elimination of drug trafficking” – Commander

Mohamed Dilsad

Cricket Australia accused of sacking woman for abortion rights tweets

Mohamed Dilsad

பெண்களை கற்பழித்த பாதிரியாருக்கு 15 ஆண்டு சிறை…

Mohamed Dilsad

Leave a Comment