Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර අනතුරකින් 05ක ට තුවාල.

(UTV | කොළඹ) –

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව දෙසට වූ ධාවනය කරමින් තිබූ මෝටර් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා බද්දේගම දිසා රෝහලට සහ කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි. බද්දේගම සහ පින්නදූව අතර 92 වෙනි කිලෝමීටරය ආසන්නයේ අද (21) සවස 3.30ට පමණ අනතුර සිදුව තිබේ.

කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ආරක්ෂිත වැටේ වැදීමෙන් පසු ඊට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් එකී මෝටර් රථයේ ගැටී තිබේ. තුවාල ලැබුවන් අතර වයස අවුරුදු 13ක දරුවෙකු පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය කියයි.

තුවාල ලැබූවන් අතුරුගිරිය සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කතරගම සිට ආපසු නිවෙස් බලායමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

Related posts

கச்சத்தீவை மீளப்பெறுவதே பிரச்சினைக்கு தீர்வு – தமிழக முதல்வர்

Mohamed Dilsad

දිවයින පුරා සුරාබදු අපරාධ වැටලීම් 1037 ක්

Mohamed Dilsad

රථවාහන වේගය මනින්න පොලීසියට ස්පීඩ් ගන්

Editor O

Leave a Comment