Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ කරළියට

(UTV | කොළඹ) –

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම මැතිවරණ එම සන්ධානය යටතේ තරඟ කරන බව මහලේකම්වරයා සඳහන් කළේය. නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා අවසන් අදියරේ තිබෙන බවද මහ ලේකම්වරයා යූටීවී වෙත ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු 10 කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් හෙතෙම සඳහන් කරයි.

Related posts

ආගමික ස්ථාන වල මැතිවරණ ප්‍රචාරණය එපා – මැතිවරණ කොමිසම [RELEASE]

Mohamed Dilsad

இரு அரச தலைவர்கள் அடுத்தவாரம் இலங்கை விஜயம்

Mohamed Dilsad

‘Patali Champika’s arrest was an act of vengeance’

Mohamed Dilsad

Leave a Comment